බෝග නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම.
වයඹ පළාතේ බෝග නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම අරමුණු කරගෙන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් පහත දැක්වේ.වී වගාවේ තාක්ෂණ කට්ටලය හඳුන්වාදීම, යාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ තාක්ෂණික උපදෙස් හා තොරතුරු ලබාදීම.
- දැනට පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව කෘෂිකාර්මාන්තයේ නියලෙන්නෙන්හටද අළුතින් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරන අය සඳහා ද අවශ්‍යවන තාක්ෂණික උපදෙස් ලබාදීම.
- දේශගුණික සාධක හා පස අනුව උචිත බෝගය බෝග රටාව තෝරා ගැනීම.
- වගාව සැලසුම් කිරීම හා භූමිය සකස් කිරීම.
- බෝග කලමණාකරණය.(වී,අතිරේක ආහාර බෝග, එළවළු, අල බෝග, පළතුරු)
- බෝග පාලනයේදී ඇතිවන රෝග, පලිබෝධ හෝ වෙනත් ගැටළු හඳුනාගැනීම හා පාලනය සඳහා උපදෙස් ලබාදීම.
- අස්වණු සමීක්ෂණ පැවැත්වීම.
- වගා ආදර්ශන හා ක්ෂේත්‍ර දින පැවැත්වීම.
- හදිසි වසංගත තත්වයන්හිදී හා වෙනත් ගැටළු සඳහා යුහුසුළුව පාලනය සඳහා ක්‍රියා කිරීම.
- පසු අස්වනු තාක්ෂණය හා අගය එකතු කිරීමේ ක්‍රමවේදයන් පිලිබඳව දැනුවත් කිරීම.
- ආරක්ෂක ගෘහ තුල වගාව හා සූක්ෂම ජල සම්පාදන ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීම.
- ගොවිපල තුල ජල කලමනාකරණය පිලිබඳ දැනුවත් කිරීම.
- කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අදාල නිර්දේශ පිලිබඳව දැනුවත් කිරීම.
- නව ප්‍රභේද හදුන්වාදීම.
- පාරම්පරික තාක්ෂණය පිලිබඳ තොරතුරු රැස් කිරීම හා තෝරාගන්නා ක්‍රම ප්‍රචාරණය.
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු අනෙකුත් ඒකක පිලිබඳව හා කෘෂිර්මාන්තය හා අලෙවිකරණය පිලිබඳව තොරතුරු ලබාගත හැකි වෙනත් ආයතන පිලිබඳව තොරතුරු සහ ව්‍යාපෘති හරහා අනුග්‍රහය දැක්වීම.
- කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තනේතුව හා වයඹ පළාත් සභාව මගින් පළාතට වඩාත් උචිත වන පරිදි තෝරාගන්නා ලද ව්‍යාපෘති සහ ප්‍රතිපාදන ලබාදීම හරහා වයඹ පළාතේ බෝග නිෂ්පදනය නංවාලීමට කටයුතු කර ඇත. මේ යටතේ වයඹ පළාත තුල සෑම වසරකම බෝග නිෂ්පාදනය නංවාලීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘති ඊට පෙර වසරේ හදුනාගෙන ගොවීන් හා ස්ථාන තෝරාගෙන ඒ ඒ වසර ආරම්භයේදී අනුමැතිය හා මුදල් ලැබීමෙන් පසුව ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වේ.
කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා මානව සම්පත් සංවර්ධනය කිරීම.
එක් එක් බෝග වගා, පසු අස්වනු තාක්ෂණය හා ආහාර සැකසීම පිලිබඳව පුහුණු අවශ්‍යවන අවස්ථාවල කෘෂිකර්ම උපදේශකවරුන් හරහා පහත වැඩසටහන් ක්‍රියාත්මක වේ.
- ගොවීන් සඳහා පුහුණු පන්ති පැවැත්වීම.
- ක්ෂේත්‍ර චාරිකා පැවැත්වීම.
- ගොවි කාන්තාවන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- තරුණ ගොවි සමාජ සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- වෙනත් ආයතනවල ක්‍රියාකාරකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් කිරීමේ පැවැත්වීම පුහුණු අවශ්‍යතා කෘෂිකර්ම උපදේශක මගින් ඔබ කලාපය භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුවේ.
පළාතේ අවශ්‍යතා සපුරාලීමට බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩිදියුණු කිරීම.
- දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ගොවිපල 2ක් බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදවා තිබීම. මැදගම හා වාරියපොල ස්ථාපනය කර ඇති මෙම ගොවිපල දෙකෙහි මූලික පරමාර්ථය කාලීන අවශ්‍යතාවය අනුව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමය. මෙහිදී වයඹ පළාතේ බීජ නිෂ්පාදනය සඳහා වන විභවය අනුව පළාතේ අවශ්‍යතාවය පමණක් නොව බීජ නිෂ්පාදනය කර ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. මේ යටතේ මෙම ගොවිපල දෙකෙහි බිත්තර වී, අතිරේක ආහාර බෝග බීජ, එළවළු බීජ, පළතුරු පැල නිෂ්පාදනය කර ගෙන යනු ලැබේ.
මෙම ගොවිපලවලින් බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබාගැනීම හෝ ඇනවුම් කිරීම සඳහා ගොවිපල දෙකෙහි කලමනාකරුවන් අමතන්න.
- ගොවිපල් කළමණාකරු – වාරියපොල රජයේ ගොවිපල
- 0372267271 / 0373615622
- ගොවිපල් කළමණාකරු – මැදගම රජයේ ගොවිපල
- 0373375150 / 0323297762
- ගොවීන්ගේ ක්ෂේත්‍රතුල බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම.
වී හා අතිරේක ආහාර බෝග මෙන්ම ගෙවතු වගාව සඳහා එළවළු බීජ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ස්ව්‍යං බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහිදී තම බීජ ගොවිපල ලියාපදිංචි කල යුතුවන අතර බීජ ගොවිපල ක්‍රියාකාරකම් කෘෂිකර්ම උපදේශකවරුන් විසින් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය මගින් අධීක්ෂණය කරනු ලබන අතර නිෂ්පාදනය කරනු ලබන බීජ සඳහා සහතිකයක් නිකුත් කරනු ලැබේ.
- කෘෂිකර්ම අමාත්‍යංශය හා පළාත් සභා අරමුදලින් හා අරමුදල් යටතේ බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒ යටතේ ලියාපදිංචි බීජ ගොවීන් වෙත ලබා දෙනු ලැබේ.
- පළතුරු පැල, මල් පැල හා වෙනත් විසිතුරු පැල නිෂ්පාදනය නැංවීම සඳහා එම නිෂ්පාදකයින් ලියා පදිංචි කිරීම, සංවිධානගත කිරීම හා ඔවුන් දේශීය වෙළඳපොල වෙත යොමු කිරීම.
- පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බීජ හා රෝපණ ද්‍රවය නිෂ්පාදිතයින් ලේඛණගත කර ඒවා ප්‍රසිද්ධ කිරීමද කරනු ලැබේ.
වෙළඳපොල හා අපනයනය පාදකකරගත් වානිජ කෘෂිකර්මාන්තය සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම.
- වර්තමානයේ ගොවීන් මුහුණදෙනු ලබන ගැටළු සැලකිල්ලට ගෙන ඔවුන් කෘෂි නිෂ්පාදන සමිති ලෙස සංවිධානගත කිරීම හා ඔවුන් වානිජ කෘෂිකර්මාන්තයදී සාර්ථක කිරීම තාක්ෂණික හා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ගොවි කණ්ඩායම් ලෙස සාමූහිකව නිශ්චිත වෙළඳපල සඳහා නිෂ්පාදනය කිරීම ,තාක්ෂණික උපසේ හා යෙදවුම් ලබාගැනීම, ණය ආධාර ලබාගැනීමට, නිෂ්පාදන ආරක්ෂණ ක්‍රම සඳහා යොමුවීම මෙමගින් අපේක්ෂිතයි.
- වෙළඳපල පදනම් කරගත් ස්වයං රුකියා (අගය එකතුකල නිෂ්පාදන)ලාභීන් ඇතිකරලීම හා පවත්වාගෙන යාම.
- ගොවීන් ඉදිරි වෙළඳ ගිවිසුම් සඳහා යොමුකරවීම අපේක්ෂා කෙරේ. මේ යටතේ ගොවීන් විවිධ දේශීය සමාගම් හා වෙළඳපොල සඳහා මෙන්ම විදේශීය වෙළඳපොලද සාර්ථකව අත්පත් කර ගැනීමට සමත්වී ඇත.
නව තාක්ෂණය හඳුන්වාදීම හා ක්ෂේත්‍ර අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීම.
- පළාතට අවශ්‍ය ප්‍රාදේශීය නව තාක්ෂණයන් පිළිබඳව යෝග්‍යතාවය පරීක්ෂාකර බැලීම සඳහා ක්ෂේත්‍ර අත්හදා බැලීම් හා ආදර්ශන පැවැත්වීම.
- උපයෝගිතා පරීක්ෂණ හා ගොවි ක්ෂේත්‍ර පරීක්ෂණ ඉටුකිරීම සඳහා මඟපෙන්වීම හා තාක්ෂණික උපදෙස් ලබාදීම.
- ප්‍රභේද නිදහස් කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනයට අදාල අත්හදා බැලීම් සිදු කිරීම.
- නිෂ්පාදන වියදම් හා ආදායම් වාර්තා සකස් කිරීම.
- ගොවි ක්ෂේත්‍ර ගැටළු හඳුනාගැනීම, වාර්තාකිරීම, සාකච්ඡාකර පර්යේෂණ ආයතන සඳහා යොමු කිරීම හා අදාල විසදුම් ගොවීන් වෙත යොමු කිරීම.
තිරසාර කෘෂිකර්මයක් උදෙසා පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් හා තාක්ෂණික ක්‍රමෝපායයන් ගොවීන් අතර ප්‍රචලිත කිරීම.
- පාංශු හා ජල සංරක්ෂණය.
- නිවෙස් බිම් සංවර්ධනය.
- ඒකාබද්ධ පලිබෝධ කලමණාකරණ ගොවි ක්ෂේත්‍ර පාසැල් පැවැත්වීම.
- කුඩා මධ්‍ය හා මහා පරිමාණයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යොමු කිරීම.
- කාබනික පොහොර භාවිතය සඳහා වැඩසටසටහන්
- පලිබෝධනාශක හා පොහහොර අලෙවිකරුවන් ලියාපදිංචි කිරීම , පුහුණු කිරීම.


