බෝග නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම.
වයඹ පළාතේ බෝග නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම අරමුණු කරගෙන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක වන වැඩසටහන් පහත දැක්වේ.වී වගාවේ තාක්ෂණ කට්ටලය හඳුන්වාදීම, යාය වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ තාක්ෂණික උපදෙස් හා තොරතුරු ලබාදීම.
- දේශගුණික සාධක හා පස අනුව උචිත බෝගය බෝග රටාව තෝරා ගැනීම.
- වගාව සැලසුම් කිරීම හා භූමිය සකස් කිරීම.
- බෝග කලමණාකරණය.(වී,අතිරේක ආහාර බෝග, එළවළු, අල බෝග, පළතුරු)
- බෝග පාලනයේදී ඇතිවන රෝග, පලිබෝධ හෝ වෙනත් ගැටළු හඳුනාගැනීම හා පාලනය සඳහා උපදෙස් ලබාදීම.
- අස්වණු සමීක්ෂණ පැවැත්වීම.
කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා මානව සම්පත් සංවර්ධනය කිරීම.
පළාතේ අවශ්යතා සපුරාලීමට බීජ හා රෝපණ ද්රව්ය නිෂ්පාදනය වැඩිදියුණු කිරීම.
වෙළඳපොල හා අපනයනය පාදකකරගත් වානිජ කෘෂිකර්මාන්තය සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම.
නව තාක්ෂණය හඳුන්වාදීම හා ක්ෂේත්ර අත්හදා බැලීම් ක්රියාත්මක කිරීම.
තිරසාර කෘෂිකර්මයක් උදෙසා පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් හා තාක්ෂණික ක්රමෝපායයන් ගොවීන් අතර ප්රචලිත කිරීම.


